හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වියදම දරන්නේ රජය නොව අපයි! – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

May 19, 2020 at 11:39 am | by emanisa.lk

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වියදම දරන්නේ රජය නොව අපයි! අපේ අරමුණ ලෝක කුසලාන තරඟාවලියක් මෙරටට ලබා ගැනීමයි! – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

හෝමාගම ඉදිවෙන ආසන 40 000කින් සමන්විත ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා සියලු වියදම් දරන්නේ තම ආයතනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ සඳහා රජයේ කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් එය කිසිදු ආකාරයෙන් රජයට බරක් නොවන බවත් එම ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජ්‍ය ආයතනයක් නොවන අතර විශාල වශයෙන් ලාභ ලබන ආයතනයකි.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කුසලාන තරඟාවලිය සඳහා අවම වශයෙන් ආසන 25 000-40 000ත් අතර ආසන ප්‍රමාණයක් ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 5ක් ඇති රටවලට ලබා දීමට සූදානමක් ඇතැයි ද එම අවස්ථාව අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි අවස්ථාවක් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස