හෝමාගම ක්‍රිකට් පිටිය වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතා අතර නෑ! – ඩලස්

May 21, 2020 at 1:57 pm | by emanisa.lk

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් හෝමාගම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ යෝජනාවට කිසිදු ප‍්‍රමුඛතාවක් වත්මන් ආණ්ඩුව විසින් මේ මොහොතේ ලබා නොදෙන බව කි‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙතරම් විශාල මුදලක් වැය කර කී‍්‍රඩාංගණයක් ඉදි කිරීමට වඩා ප‍්‍රමුඛතාව දිය යුතු කටයුතු මේ මොහොතේ ආණ්ඩුවට ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

හෝමාගම ප‍්‍රදේශයේ මෙලෙස ඉදිකිරීමට සූදානම් වූයේ ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන විශාලතම කි‍්‍රකට් කි‍්‍රඩාංගණයයි.

ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30 ත් 40 ත් අතර වෙයි.

කෙසේ වුවද ඒ සඳහා රජයේ අරඅරමුදල් වැය වන්නේ නොමැත.

මෙම ක්‍රීඩාංගනයේ කටයුතු 2016 වසරේ සැලසුම් කර ඇති අතර ඒ පිළිබඳ යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු කිහිප විටක් මාධ්‍යයට ද අදහස් දක්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *