තමන් රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවද ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවත් රෝහණ විජේවීරගේ පුතු උවිඳු විජේවීර පවසයි.
රට වෙනුවෙන් කරන්නට ඇති යුතුකමක් ඇතැයිද ඒ වෙනුවෙන් තමන් සූදානම් යයිද ඔහු කියා සිටියේය.
තමනට දේශපාලනය නොකරන්නැයි කීමට කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
රට වෙනුවෙන් අනිවාර්යෙන්ම යුතුකම ඉටුකළ යුතු බවත් ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක තමන් ඉදිරියට ඒමට සූදානම් බවත් හෙතෙම පැවසීය.
තමන් මහා ලොකු මාක්ස්වාදී නොව බෞද්ධ සංස්කෘතිය මත පදනම වූ පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.