මම කැම්පස් යන කාලේ සිංගප්පූරුකාරයෝ කොළඹ වරායේ වැඩකළා! ලංකාවට මොකද වුණේ කියලා මමයි තරුණයොයි අහනනවා! – අගමැති

July 31, 2019 at 12:32 pm | by emanisa.lk

තමා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ කොළඹ වරායේ සේවය කිරීමට සිංගප්පූරු ජාතිකයන් පැමිණි බවත් දැන් ලාංකිකයන් සිංගප්පූරු වරායවල දැකගැනීම පහසු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය දශක කිහිපය තුළ මේ රට තුළ කළ යුතුව තිබූ කටයුතු සිදු නොවූ බවත් මේ වන විට සංහිඳියාව ගොඩනැඟී ඇති නිසා ඒ සඳහා අවස්ථාව උදා වී ඇති බවත් හෙතෙම පවසයි.

මේ රට දියුණු කිරීම සිය පළමු ඉලක්කය බවත් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය ආදී රටවලට දියුණු විය හැකි නම් අප ද අලුතින් සිතා දියුණු විය යුතු බව අගමැතිවරයා ප්‍රකාශ කළේ උපාධිධාරීන් පිරිසකට උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස