මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පන්සල් හැදුවා විතරයි! ඒ සල්ලවලින් සජිත් පෝස්ටර් ගහපු කතාව බොරුවක්! – රංජිත් මද්දුමබණ්ඩාර

July 30, 2020 at 10:36 am | by emanisa.lk

යහපාලන රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීමට යෙදවූවා මිස පෞද්ගලික කටයුතු සඳහා භාවිත කර නැතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදීය.

යහපාලන රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවේ සඳහන් වෙයි. මෙම කමිටු වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පෙරේදා (28) පස්වරුවේ භාරදෙන ලදී.

මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ එම සෑම මුදලකටම අයත් ව්‍යාපෘති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක වූ බවයි.

මේ සම්බනධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව ඒකපාර්ශ්වික බවත් එම කමිටු වාර්තාව මහ මැතිවරණයේ අවසන් සතිය ඉලක්ක කරගත් මඩ ප්‍රචාරයක් බවත් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස