මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඡන්ද පෝස්ටර් ගැසූ යුගය නිමයි! රටේ සංස්කෘතික උරුමය රකින්න අගමැතිගෙන් රු. මි. 3400ක්!

October 29, 2020 at 8:27 pm | by emanisa.lk

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සඳහා රු. මිලියන 3400ක් වෙන් කිරීමට බෞද්ධ, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබෙන ආයතනවල ඉදි කිරීම් සෘජු කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් ආයතන වෙත ලබාදීමට ද එහි දී අගමැතිවරයා නියෝග කර තිබේ.

එක්‌සත් රාජධානියෙහි එඩින්බර්ග් සරසවි කෞතුකාගායේ තැන්පත් කොට තිබූ වැදි ජනතාවගේ හිස්‌කබල් නැවත වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට භාර දීමට එම සරසවිය කටයුතු කර ඇති අතර මෙම අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදි කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කිරීමට ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස