කොරෝනා නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලට බරපතළයි! සේවක වැටුප් ගෙවන්න භාණඩාගාරයෙන් මුදල්!

July 7, 2020 at 10:31 am | by emanisa.lk

කොරෝනා වසංගතයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ මුදලක්ද වැයවනු ඇතැයි ගණන් බලා ඇත.

අරමුදලේ ස්ථිර සේවකයින් 2330 දෙනෙකුද, අනියම් හා ආදේශක සේවකයින් 230 දෙනෙකු පමණ ද සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්තා වෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වන තෙක්ම ඔවුන්ගේ වැටුප් හා නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මාසිකව රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස