මට දැන් ඉල්ලා අස්වෙන්න බැරිලු! ඒ නිසා ඡන්දේ ඉල්ලලා දිනන්න තීරණය කළා! – තෙවරප්පෙරුම

July 9, 2020 at 11:46 am | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉල්ලා අස් වීමට නොහැකි බවයි. ඒ හේතුවෙන් එම ලිපිය භාර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත.

මේ හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා මංගල සමරවීර කළ ආකාරයේ වැඩ නොකරන බවත් පෙරටත් වඩා වැඩි උනන්දුවකින් මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීමට තීරණය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස