මට අවු. 08 වෙද්දී ජවිපෙ මං ඉස්සරහ මගේ තාත්තා මැරුවා…! මගේ පුතාට අවු. 08ක් වෙද්දි ජවිපෙ මගේ සේසතම ගිනි තිබ්බා…! – ඩී. වීරසිංහ

May 18, 2022 at 2:31 pm | by emanisa.lk

තම නිවසට ගිනි තබා සියලු දේපළ විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසයි.

එම ප්‍රහාරය සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නැති බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

88-89 කාලයේ තමන්ට යන්තම් අවුරුදු 08 පිරෙද්දී තමා ඉදිරිපිට සිය පියා මරා දැමූ ජවිපෙ අද තම පුතුට අවුරුදු 08ක් පිරෙද්දි තමා දුක සේ ගොඩනඟා ගත් ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කළ බව ප්‍රකාශ කළේය.

ලක්ෂ 50ක ණයක් අරගෙන අලුත්වැඩියා කළ සිය පියාගේ නිවස එම ණය මුදලින් වාරික 12ක් ගෙවීමටත් පෙර ජනතා විමුක්ති පෙරමුණේ පාදඩයින් ගිනි තබා විනාශ කළ බවට ඔහු චෝදනා කළේය.

ඉතා ම දුක් මහන්සියෙන් ගොඩනැඟුණු තමන්ට වැලි පර්මිට්, බාර් පර්මිට් නොමැති බවත් කිසිදු දූෂණයක් කළේ යැයි ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරය අත හරින බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *