ආණ්ඩුව ගුරු වර්ජනය මර්දනය කරන්න හදනවා…! – ජවිපෙ…

October 16, 2021 at 8:04 am | by emanisa.lk

වැටුප් විෂමතා ඉවත් කර ගැනීම උදෙසා ගුරුවරුන් ආරම්භ කර ඇති වර්ජනය බලහත්කාරයෙන් ඇඟේ හයියෙන් විසඳීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

මෙය රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් බැවින් ඊට බලහත්කාරය නොයොදවා විධිමත් ක්‍රියාමාර්ග ඔස්සේ විසඳීමට කටයුතු කළ යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

මෙය ගුරු වැටුප් විෂමතා ඉවත් කරගැනීමේ අරගලයක් පමණක් නොව ඔවුන් අභිමානයෙන් ජීවත් වීමට රන අරගලයක් බව හෙතෙම සඳහන් කරයි.

අරගලය මත භීෂණය නොවපුරා ආත්ම තෘප්තියෙන් වෘත්තියේ නිරත වන ගුරු පරපුරක් බිහි කිරීම ආණ්ඩුවේ වගකීම බව ද නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *