ජවිපෙ බලය අල්ලන්න මේ රටට නොකළ අපරාධයක් නෑ…! – පාලිත තෙවරප්පෙරුම…

May 16, 2022 at 6:10 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බලය ලබා ගැනීමට නොකළ අපරාධයක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පවසයි.

මිද්දෙණිය පොලිසියේ සාජන් මරා ඔහුගේ මස් දෙමාපියන්ගේ නිවසට යවා උයා කෑමට සැලැස්වීමට එදා ජවිපෙ කටයුතු කළ බව හෙතෙම හෙළි කළේය.

88-89 ජවිපෙ දියත් කළ භීෂණය හමුවේ සිය නිවස අසල ගෙවල් ගණනාවක පිරිස ජීවිතාරක්ෂාව පතා සිය නිවසේ සැඟව සිටි බවයි, ඔහු සඳහන් කළේ.

එකල එජාප, ශ්‍රීලනිප, සම සමාජ පාක්ෂිකයින් ද හමුදාවේ පොලිසියේ සේවය කළ තරුණයින්ගේ පවුල් ද ඝාතනය කිරීමට ජවිපෙ කටයුතු කළ බව පාලිත තෙවරප්පෙරුම අනාවරණය කරයි.

මේ වන විට රට නැවතත් ඒ තත්ත්වයට පත්වීමේ ආසන්නයට පැමිණ ඇති බවට ද හිටපු මන්ත්‍රීවරයා අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *