පක්ෂෙ කඩපු සජිත්ට රට කඩන එක කජ්ජක් නෙමෙයි! – මහින්ද

July 21, 2020 at 7:28 pm | by emanisa.lk

ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එජාපය දෙකඩ කළ සජිත් ප්‍රේමදාසට රට දෙකඩ  කිරීම මහ ලොකු දෙයක් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ දෙමළ ජාතික සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය අතර සමානතා ඇති බව ද අගමැතිවරයා අනාවරණය කළේය.

සජිත් ප්‍රේමදාස සිය පියාගේ යුගය නැවත අරඹන්නට ජනතා වරමක් පතන විට මේ රටේ තරුණ තරුණියන් 60 000ක් මරා දැමූ භීෂණ යුගය සිහිපත් වන බවත් එදා එජාප ආණ්ඩුව සහ ජවිපෙ ගම්පිටින් මරා දැමූ බවත් එජාප ආණ්ඩුව පාරක් පාරක් ගාණේ ටයර් සෑයවල් තනමින් වධකාගාර පවත්වා ගෙන ගිය යුගය නැවතත් උදාකර ගැනීමට ජනතාවට උවමනා නැති බවත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස