මගේ පාලනයක් යටතේ සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කරනවා! – ගෝඨා

October 24, 2019 at 8:11 am | by emanisa.lk

තම රජයක් යටතේ සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කරයි.

වත්මන් රජය රාජ්‍ය නිලධාරීන්ට නිසි තීන්දුවක් ගැනීමට නොහැකි වන අයුරින් බියක් ඇතිකර ඇති බවත් තම රජයක් යටතේ රට වෙනුවෙන් අවංකව නිර්භීතව තීරණ ගත හැකි ආකාරයට ඔවුන්ට නීතිමය රැකවරණය ලබාදෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

තම ජයග‍්‍රහණයෙන් පසු විනය ගරුක ක්‍රියාශීලී රජයක් ඇති කරන බව කී හෙතෙම රාජ්‍ය ආයතනවලට කාර්යක්‍ෂම නිලධාරීන් පත්කරන බව පැවැසීය.

ගම්පොල නගරයේ ඊයේ (23) පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස