මගේ එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු ගන්න කැමතියි! දේවානිගෙන් ලංකාගම වැසියන්ට පණිවිඩයක්!

September 2, 2020 at 11:21 pm | by emanisa.lk

දිසා වන නිලධාරිනි දේවානි ජයතික ඇය සතු එක ම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති කෙනෙක් වෙත පැවරීමට කැමැත්ත පළකර තිබේ.

ඇය එසේ කැමැත්ත පළකර ඇත්තේ එලෙස පවරා ගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට පැවරීම සඳහායි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කිරීමත් සමඟ තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරීම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමඟ හුවමාරු කරගැනීමට ඉල්ලා තිබේ.

කෙසේ වුවද මෙතෙක් කිසිදු ලංකාගම වැසියෙකු මෙම ඉඩම් හුවමාරුවට කැමැත්ත පළකර නොමැත. ලංකාගම සිංහරාජ වනයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කළ යුතු බව පැවසූ පිරිස මෙම ඉඩම් හුවමාරු රැල්ලේ සිටිනු දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස