සිංහරාජ මායිමෙන් ලංකාගමට පාරක්! පරිසර සංවිධානවල දැඩි විරෝධය!

August 17, 2020 at 11:45 pm | by emanisa.lk

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමට මේවන විට කටයුතු කරමින් ඇති බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ලෝක යුනෙස්කෝ ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කලාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මෙම කටයුත්ත සිදුකරන එම පැමිණිල්ලේ සදහන් වේ.

2013 නොවැම්බර් මස මෙම මාර්ගය සකස් කිරිම ආරමිභ කරන විට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ලෝක උරුම යුනිස්කෝ කාර්යාලයට කළ දැනුම් දීමත් සමග ආ බලපෑම හේතුවෙන් එය තාවකාලිකව නතර විය.

නමුත් නැවතත් එම ව්‍යපෘතිය ආරම්භ කොට ඇති බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස