ලංකාගමට පාර කපන්නේ ජනතාවගේ ඉල්ලීමටයි! පරිසර සංවේදී කලාපයේ කිසිම ඉදිකිරීමක් කරන්නේ නෑ!

August 18, 2020 at 11:00 pm | by emanisa.lk

නෙළුව සිට ලංකාගම දක්වා කි. මී. 18ක් දිවෙන ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කරන්නේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත බව මහා මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම මාර්ග සංවර්ධනය කිරීම පරිසරයට හානිවන අයුරින් නොකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව ද එහි දැක්වෙයි.

එසේම පරිසර සංවේදී කලාපය ඔස්සේ වැටී ඇති කි. මී. 1.1ක් වන කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බව ද ඉදිරියේ ද ඒ සඳහා ඉඩ නොදෙන බව ද එම නිවේදනය මගින් සහතික කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස