මගේ කිසිම හෝටලයක් සිංහරාජේ නෑ! මේක රාජපක්ෂලට එරෙහිව මඩ ගහන කුමන්ත්‍රණයක්! බොරු චෝදනාවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා! – යෝෂිත රාජපක්ෂ

August 24, 2020 at 9:38 am | by emanisa.lk

නෙළුව ලංකාගම මාර්ගය පිළිසකර කිරීම පසුගිය සමයේ දැඩි ලෙස ආන්දෝලනයට ලක් වූ අතර එය සිංහරාජ වනයේ පිහිටි යෝෂිත රාජපක්ෂ සතු හෝටලයකට පිවිසීම උදෙසා ඉදිකරන බව පරිසරවේදියෙකු සහ හිටපු එජාප ජාතික ලැයිස්තු අපේක්ෂකයකු බව කියන සජීව චාමිකර චෝදනා කර තිබිණි.

කෙසේ වුවද අගමැති මහින්ද රාජපක්ෂගේ දෙවන පුතු වන යෝෂිත රාජපක්ෂ අද (24) ඉංග්‍රිසි පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් එම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. සිංහරාජ වනය තුළ තමන්ගේ හෝටලයක් නොමැති බවත් සජීව චාමිකරගේ චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකක් බව ද පෙන්වා දෙයි.

සජීව චාමිකරගේ අභූත චෝදනාවට එරෙහිව තම නීතිඥවරුන් ඔහුට එන්තරවාසී යවනු ඇති බව ද යෝෂිත රාජපක්ෂ සඳහන් කළේය.

“මේක පට්ටපල් බොරුවක්. මම සොබා දහමට ආදරය කරන පරිසරයට ගෞරව කරන කෙනෙක්. ඒ නිසායි මම World Green Building කවුන්සිලයේ සාමාජිකයෙක් විදිහට කටයුතු කරන්නේ.

එක්තරා පිරිසක් නැවත රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය විනාශ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මම වනාන්තර භූමිවලට ආදරය කරන කෙනෙක්. මගේ කිසිම හෝටලයක් එහි නැහැ. මහ ජනතාව මුලා කරන මේ කණ්ඩායම්වලට එරෙහිව මම නීතිමය පියවර ගන්නවා.”

සජීව චාමිකර මාධ්‍ය හමුවක් තබමින් මෙම ප්‍රකාශය සිදුකළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංහරාජ වනය අසලින් වැටී ඇති කි.මී. 1.1ක් වන මාර්ග කොටස ඉදිකිරීම තාවකාලිකව නතර කරවීමට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *