ආන්දෝලනාත්මක ලංකාගම මාර්ගය ජනපති පෞද්ගලිකව නිරීක්ෂණය කරයි!

August 27, 2020 at 6:20 pm | by emanisa.lk

ආන්දෝලනයට ලක්ව තිබෙන පුළුල් කරමින් පවතින නෙළුව – ලංකාගම මාර්ගය පුද්ගලිකව අධීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

සිංහරාජ ලෝක උරුම රක්ෂිතයේ සිදුකල බව කියන නෙළුව – ලංකාගම මාර්ගය ඉදි කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බවට පරිසරවේදීහු පෙන්වා දෙති.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ දැඩි සංවේදී පාරිසරික කලාපයක ඉදිකිරීම් සිදු කිරීමේදී වඩාත් පරිස්සම්ව සිදු කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස