ඉරිදාට වාහන තහනම් කොළඹ පාරවල් මෙන්න…

July 9, 2019 at 9:46 am | by emanisa.lk

කොළඹ මහනගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට මෝටර් රථ රහිත දිනයක් ‘Car-Free Day’ (CFD) පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

‘CarFreeCMB’ වැඩසටහන 2019 ජූලි මස 14 දින පෙරවරු 6 සිට දහවල් 12 දක්වා නිදහස් මාවතේ සිට ග‍්‍රීන් පාත් දක්වා පැවැත්වේ. පදිකයන් ලෙස හෝ බයිසිකල් සහ ස්කේට් බෝඩ් වැනි, යාන්ත්‍රික නොවන ගමනාගමන ක‍්‍රම මගින් මෙම වැඩසටහන සඳහා එක්විය හැකි අතර, අදාළ ප‍්‍රදේශය තුළ ඇවිදීමට, ව්‍යායාම කිරීමට හෝ ක‍්‍රීඩා කිරීමට අවස්ථාව පවතී.

ග‍්‍රීන් පාත් සිට මහජන පුස්තකාල වටරවුම දක්වා, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මාවතේ කොටසක් සහ නිදහස් මාවත ප‍්‍රදේශය මෙම වැඩසටහනට ඇතුළත් වේ. එදින රථවාහන පදවන්නන් භාවිතා කළ යුතු විකල්ප මාවත් පැහැදිලිව දැක්වෙන පරිදි සංඥා පුවරු ප‍්‍රදර්ශනය කෙරෙන අතර ඔවුන්ට ධර්මපාල මාවත, හෝර්ටන් පෙදෙස, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මාවතේ කොටසක්, ස්ටැන්ලි විජේසුන්දර මාවත සහ බෞද්ධාලෝක මාවත භාවිතා කළ හැකි වනු ඇත. කෙසේ වුවද බස්රථ වලට ගැටලූවකින් තොරව සුපුරුදු මාර්ග වල ධාවනය කළ හැකි වේ.

CarFreeCMB වැඩසටහන සඳහා ඇතුළු වීමේ ගාස්තුවක් අය නොකෙරෙන අතර බොහෝ පහසුකම් ලබාගත හැකිය. මේ වන විට  ලොව බොහෝ දියුණු රටවල පාපැදි සඳහා වෙනම මාර්ග ඉදිකරමින් ජනතාව ඒ වෙත නැඹුරු කිරීමට බොහෝ කකටයුතු කරති. එමගින් පරිසර දූෂණය අවම වන අතර සිරුරට ව්‍යායාම ලැබී මිනිසා සෞඛ්‍ය සම්පන්න වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *