මාස තුනෙන් කසිප්පු තුරන් නොකළොත් පූජිත ෆේල්!

March 5, 2019 at 1:51 pm | by admin

වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩ බැරි ආයතනයක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවයි ජනාධිපතිවරයාගෙ අදහස.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඇරඹී මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *