මම ඇත්ත කියනවාට සමහරු කැමති නෑ!

February 15, 2019 at 9:26 am | by admin

රටේ ගැටලු අවබෝධ කර ගැනීම සඳහා තමා ඇත්ත පවසන විට සමහරු ඊට අකමැති වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන අමතමිනි.

“ඉස්සර මම උතුරට ගියොත් අම්මලා මාව වට කරගෙන ඉල්ලන්නේ අතුරුදන් වූ ඔවුන්ගේ දරුවන්. නමුත් දැන් දරුවෝ ඉල්ලපු අම්මලා අද ඉල්ලනවා මත්ද්‍රව්‍ය මර්දනය කරලා දෙන්න කියලා. මේක අද මුළු රටේම හඬක් බවට පත්වෙලා තිබෙනවා. එහි වැදගත්කමත්, එහි පසුබිමත් නිසා තමයි අපි මත්ද්‍රව්‍ය නිවාරණය, මර්දනය පටන් ගත්තේ.”

“ඇත්ත තිත්තයි. ඇත්ත කතා කරන විට සමහර අය කැමැති නැහැ. නමුත් තිත්ත ඇත්ත නිතර නිතර මම කියන්නේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන. ඒක දැඩි ලෙස අවධාරණය කරලා අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස