මංමුළා වූ 69 ලක්ෂයක් ජනතාවගේ වීරයා අපයි….! අපි නම් රටේ සම්පත් විකුණන්නේ නෑ…! විදෙස් ආයෝජනවලට මුල්තැන දෙනවා විතරයි….! – සජිත්

January 25, 2021 at 1:46 pm | by emanisa.lk

මුළු රටේ ම මංමුලා වූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වීරයා සමඟ ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අධිවේගී මාර්ගයේ වේගයටත් වැඩි වේගයෙන් ආණ්ඩුව දේශීය සම්පත් කුණු කොල්ලයට විකුණන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

මේ ආණ්ඩුව ද්‍රෝහී වූ 69 ලක්ෂයක් ජනතාවට සිය පක්ෂයේ දොරටු විවෘත බවත් ඔහු අවධාරණය කළේය.

තම ආණ්ඩුව කිසිම ආකාරයකින් දේශීය සම්පත් විකිණීමට ලෑස්ති නැති අතර රටේ සීමිත සම්පත් තත්ත්වය මත විදෙස් ආයෝජන සඳහා මුල් තැනක් දෙන බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

විපක්ෂ නායක ජංගම සේවයට අද (25) දොම්පේ ප්‍රදේශයේ දී එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කීවේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස