කැබිනට් මණ්ඩලේට රටේ සම්පත් විකුණන්න බෑ! ඒ තියරියට වැඩ කළ රනිල් ජනතාව ගෙදර යැව්වා!

December 22, 2020 at 9:03 am | by emanisa.lk

රටේ වාර්ෂික වියහියදම් පියවා ගැනීම සඳහා වියදම අනුමත කරගත නොහැකි කැබිනට් මණ්ඩලය රටේ ජාතික සම්පත් විකිණීම සඳහා තීන්දු ගන්නේ කෙසේ දැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ප්‍රශ්න කරයි.

රටේ ජාතික සම්පත් විකිණීමට තීන්දු ගැනීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බවත් කැබිනට් මණ්ඩලය ඔස්සේ එවැනි තීන්දු ගන්නේ එම සම්පත් රටට අහිමි කිරීමේ වගකීම කිසිවෙකු නොගෙන සිටීමට බවත් එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කරයි.

2015 සිට හම්බන්තොට වරාය ඇතුළු රටේ සම්පත් විකුණා දැමීමට රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ තියරිය එය බවත් එහි ප්‍රතිඵලය ලෙස 2020 ඔහුට ගෙදර යාමට සිදු වූ බවත් සමන්ත ආනන්ද වැඩි දුරටත් පැවසී ය.

රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ තියරිය පරාජය කර ප්‍රතික්ෂේප කර ඇති බවත් රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ තීන්දුව කැබිනට් මණ්ඩලයට ගතනොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුවක් යනු රටක තාවකාලික භාරකරුවන් බවත් භාරකරුවන්ට විශේෂයෙන් ම කැබිනට් මණ්ඩලයට රටේ අනාගත පරපුරට හිමි සම්පත් විකිණීමේ තීන්දුවක් ගතනොහැකි බවත් එය ජනමත විචාරණයක් මගින් ගතයුතු තීන්දුවක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *