වරාය ඇතුළු ජාතික සම්පත් සාංඝික දේපළ වගේ! ආණ්ඩුව පත්කළේ ඒවා විකුණලා ප්‍රශ්න විසඳන්න නෙමෙයි! – ඇල්ලේ හිමි…

December 27, 2020 at 1:10 pm | by emanisa.lk

පහුගිය ආණ්ඩුව වරාය වැනි ජාතික සම්පත් විකුණා දමා තවත් සම්පත් විකිණීමට උත්සාහ කළත් එසේ ජාතික සම්පත් අලෙවි කිරීමට ආණ්ඩුවට බලයක් නැතැයි ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

ජාතික සම්පත් සාංඝික දේපළ වැනි බවත් ඒවා පිළිබඳ තීන්දු ගැනීමට පෙර ජනතාවගෙන් විමසිය යුතු බවත් එහිමියන් පෙන්වා දෙති.

ආණ්ඩුවක් පත්කරන්නේ රටේ සම්පත් විකුණා ප්‍රශ්න විසඳීමට නොවන බවත් එවැනි උත්සාහයන් සඳහා මහා සංඝරත්නය ලෙස තමන් එරෙහි වන බවත් ඇල්ලේ හිමි අවධාරණය කරයි.

ජාතික සම්පත් කොට්ටේ යට තබා ගෙන බඩ ගින්නේ සිටිය යුතු යැයි තමන් වහන්සේලා නොකියන බවත් ජාතික සම්පත් පිළිබඳ දේශපාලකයන් නොව ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ මණ්ඩලයක් පත්කර ඒවා දියුණු කිරීමට කටයුතු කළ යුතු බවත් පසුගියදා සිය පන්සලට පැමිණි විපක්ෂ කණ්ඩායමට ද ඒ පිළිබඳ සිහිපත් කළ බවත් ඇල්ලේ හිමි සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස