ජාතික සම්පත් හිතුමතේ විකුණන්න අපි ඉඩතියන්නේ නෑ! – අනූප පස්කුවල්

July 6, 2020 at 8:11 am | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව හම්බන්තොට වරාය විකුණා දැමූ බව යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනූප පස්කුවල් පවසයි.

එසේම රටේ සෙසු රාජ්‍ය දේපළ ද හිතුමතේ විකුණා දැමීම සඳහා යහපාලන ආණ්ඩුව සැලසුම් කළ බව ද ඔහු අනාවරණය කළේය.

ඒ නිසා අනාගතයේ ජාතික සම්පත් විකිණීමේ දී පාර්ලිමේන්තු අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය කරන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන බව අනූප පස්කුවල් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස