මංතීරු නීතිය 21 වනදා සිට අකුරට ක්‍රියාත්මකයි! යතුරු පැදි ත්‍රි⁣වීල් සඳහා වැඩි ඉඩක්!

September 18, 2020 at 7:46 am | by emanisa.lk

මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබේ.

ඒ පසුගිය දින 04 තුළ ක‍්‍රියාත්මක කළ මංතීරු නීතිය පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය හා ශ‍්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවය.

ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි, බස්රථ සදහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේ ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී බස්, ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම හේතුවෙන් එම මංතීරුවේ තදබදයක් ඇති විය.

ඒ අනුව අනෙක් මංතීරුවල රථ වාහන අඩු වශයෙන් ධාවනය කෙරෙන්නේ නම් යතුරු පැදි සහ ත‍්‍රිරෝද රථවලට එම මංතීරු භාවිත කිරීමට අවස්ථාව ලබාදීමටයි පොලීසිය තීරණය කර ඇත.

ඉකුත් සඳුදා සිට ක්‍රියාත්මක පෙරහුරු මංතීරු නීතිය අදින් අවසන් වෙයි. ලබන 21 වනදා සිට එය නීතියක් ලෙස කි‍්‍රයාත්මක වන බව පොලීසිය පවසයි. ඒ අනුව මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර රුපියල් 2000 ක දඩයක් ද පනවන බව පොලීසිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස