මංගල උත්සවයකට උපරිමය 50යි! ප්‍රභූ බජට් පාටියට 700යි!

December 8, 2020 at 6:39 pm | by emanisa.lk

2021 අයවැය සම්මත වීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන සාදය හෙවත් බජට් පාටිය අනිද්දා (10) කතානායක නිලනිවසේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

මෙම සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු,න් 225 දෙනාට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට ද ඇරියුම් කර ඇති බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බව ද කියැවේ.

මෙම උත්සවයේ සැරසිලි කටයුතු වෙනුවෙන් දිවයිනේ සුප්‍රසිද්ධ මල් ව්‍යාපාරික සමාගමකින් රුපියල් ලක්ෂ ගණනක වටිනාකමකින් යුත් මල් සහ අනෙකුත් සැරසිලි උපාංග ඇනවුම් කර ඇති බවත්, කාර්ය මණ්ඩලයේ අය ද ඇතුළුව 700 දෙනකුට පමණ රාත්‍රී ආහාර ඇනවුම් කර ඇති බවත් වාර්තා වේ.

කොවිඩ් වසංගතය තදබල ලෙසින් රටේ පැතිර යන මෙම අවස්ථාවේදී උත්සවයකට සහභාගි වන්නේ නම් ඒ 50-100 ත් අතර පිරිසක් පමණක් බව නිරෝධායන නියමය වෙයි. එහෙත් මෙම බජට් පාටියට 500 කට ආසන්න පිරිසක් ආරාධනා ලබා සිටින බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස