“භූමදානය නොදුන්නොත් ගිනි තියාගන්නවා! මුස්ලිම් අපි නැත්නම් 20ත් පරාදයි!” – ලොක්ඩවුන් බිඳගෙන කළුතර විරෝධතා…..

December 25, 2020 at 9:09 pm | by emanisa.lk

20 වෙනි සංශෝධනය සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 06 දෙනා සහාය නොදුන්නේ නම් එය පරාජයට පත්වන බව කළුතර පැවති විරෝධතාවක දී ප්‍රකාශ විය.

කළුතර වෙට්ටුමකඩ නම් ලොක්ඩවුන් කර ඇති ගමේ වැසියන් අද (25) කොරෝනා දේහ ආදාහනයට එරෙහිව විරෝධතාවකට එක්ව සිටියේ නිරෝධායන නීති ද නොතකමිණි.

එහි දී “අනේ මාව පුච්චන්න එපා!” යැයි සඳහන් පුවරුවක් අත දරා සිටි විරෝධතාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළේ තමන්ට ආදාහනය වීමේ අයිතිය නොදෙන්නේ නම් ගිනි තබාගෙන මැරෙන බව ය.

එහෙයින් මේ සඳහා වහාම විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ඇමැති අලි සබ්‍රිගෙන් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස