බොරු ප්‍රචාරයක් අරන් ගියාට සයිටම් තවම රජයට ගත්තේ නෑ! – නෙවිල් ප්‍රනාන්දු

February 11, 2020 at 1:41 pm | by emanisa.lk

සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට පසුගිය කාලයේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ නමුත් මේ වන තෙක් රජයට පවරාගෙන නැති බව මාලබේ සයිටම් ආයතනයේ හිටපු සභාපති දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු ඊයේ (10 ) පැවසීය.

අගමැතිතුමා හමුවීම සඳහා තමා දිනයක් ඉල්ලා තිබෙන බව කී හෙතෙම 2015 වසරේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කරද්දී තමා ඔහුට සහය දුන්න බවද පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් බවද සඳහන් කළේය.

දැන් තමාට කිසිදු ආදායමක් නැති බවත් සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට එම අවධියේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ බවත් මේවන තෙක් රජයට පවරාගෙන නැති බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාගෙන් පළිගෙන තිබෙන බව පෙනී යන බවත්, වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හමුවී එදා තත්ත්වය සම්පූර්ණයෙන්ම එතුමාට ඉදිරිපත් කරන බවත් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස