නෙවිල් ප්‍රනාන්දු රෝහලට අලුත් ආණ්ඩුවත් මිලියන 250ක් ගෙවලා!

December 18, 2019 at 8:30 am | by emanisa.lk

රජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

මෙම රෝහල වහාම රජයට පවරා ගන්නා ලෙසත්, මීට අමතරව නීත්‍යනුකූලව පවරා ගැනීමක් සිදුනොකර ලබාදී තිබෙන සියලුම මුදල් නැවත අයකර ගතයුතු බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව මගින් මේ රෝහල සඳහා රු. මිලියන 250 බැගින් මාස විසි නවයකට රු. මිලියන 7250 මුදලක් ගෙවා තිබෙන බවත්, මෙම මුදලින් වෛද්‍ය පීඨ තුනක් හෝ හොඳ රෝහලක් ඉදිකර ගැනීමට තිබූ බවත් ඊයේ (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස