බොරු කිව්වොත් වැඩ වරදී! අවුරුදු පහක් හිරේ!

November 6, 2020 at 3:13 pm | by emanisa.lk

නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ අසත්‍ය තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත් වන බව ඔහු පෙන්වා දෙයි.

මෙ රට අපරාධ නීතිනේ 399 වන වගන්තියේ සඳහන් වන පරිදි අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරදට ද ඔහු හෝ ඇය හසුවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එවැනි අයට විරුද්ධව වසර 05 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාවක් ඇති බව ද අජිත් රෝහණ වැඩි දුරටත් සඳහන් කරයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස