බුවනෙකබාහු රාජසභාවට දංකොටුව උළුයි ලංවා කම්බියි exlon බටයි කොහෙන්ද? රාජ සභාවක් කියලා ඔප්පු කළොත් ඕන දඬුවමකට ලැහැස්තියි! – කුරුණෑගල නගරාධිපති (video)

July 21, 2020 at 12:28 pm | by emanisa.lk

කුරුණෑගල දී කඩා බිඳ දැමු ගොඩනැගිල්ල රාජ සභා මණ්ඩපයක් බවට ඔප්පු කළ හොත් තමන් ලබා දෙන ඕනෑම දඬුවමකට යටත් වන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව පවසයි.

කඩා බිඳ දමා ඇති දෙවන බුවනෙක බාහු රජුගේ රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ස්ථානය අසලට ඊයේ (20) පැමිණි නගරාධිපතිවරයා එය ඉදිකිරිමට යොදා ගෙන ඇති අමු ද්‍රව්‍ය පෙන්වා කියා සිටියේ මෙම ගොඩනැගිල්ල රජ සමයට අයත් එකක් නොවන බවයි.

“මේ දංකොටුවේ උළු, මේ ලංවා කම්බි, මේ exlon බට. එතකොට 1293 බුවනෙකබාහු රජතුමා දංකොටුවේ උළු හැදුවාද? යන එන මං නැති දේශපාලකයෝ මොනවා කීවත් මේක ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක් විතරයි.” යැයි නගරාධිපතිවරයා කියා සිටියේය.

https://www.facebook.com/NewsfirstSL/videos/2707118029543918/?t=48&v=2707118029543918

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස