“බල්ලෝ! කටුකන බල්ලෝ! බල්ලෝ බිරුවට අපේ ගමන අපි යනවා!” – මරික්කාර් ආණ්ඩු පක්ෂයට ලෙසට ම අමතයි…

December 10, 2020 at 6:55 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන පාවිච්චි නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර්ට මුලසුනේ සිටි අන්ගජන් රාමනාදන් අවවාද කරනු ලැබීය.

මරික්කාර් සිය කතාවේදී පාවිච්චි කළ පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද මුලසුනේ සිටි රාමනාදන්” මරික්කාර් වෙත දැනුම් දෙන ලදී.

මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මරික්කාර් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් පළ කරද්දී ඊට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බාධාවක් එල්ල වූ අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු එම මන්ත්‍රීවරුන්ව බල්ලන්, කටු කන බල්ලන් යනුවෙන් බැණ වදිමින් බල්ලෝ බිරුවට අපි අපේ ගමන යනවා යැයි ද සඳහන් කරන ලදී.

මුලසුනේ අවවාද කිරීමෙන් පසුව මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස