පොළොන්නරුවේ උකුසු ගැටුම දිගටම! නාමයෝජනා අත්සන් කරන්න රොෂාන් නොපැමිණෙයි! සභාපති මෛත්‍රී වේලසනම නික්ම යයි!

March 12, 2020 at 7:38 am | by emanisa.lk

නාමයෝජනා අත්සන් කරන්න රොෂාන් නොපැමිණෙයි! මෛත්‍රී වේලාසනම නික්ම යයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා අත්සන් කිරීම ඊයේ (12) අගමැති නිල නිවසේදී සිදුවිය. එහිදී දිස්ත්‍රික් නායකයන් 17 දෙනෙකු නාම යෝජනා සඳහා අත්සන් කළ අතර තවත් දිස්ත්‍රික්ක 05ක් සඳහා නාම යෝජනා අත්සන් කිරීමට නියමිතය.

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා වන රොෂාන් රණසිංහ මේ අවස්ථාවට නොපැමිණි අතර පොදුජන සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන උත්සව අවස්ථාවට සහභාගී වී වේලාසන නික්ම යන ආකාරය ද දැකගත හැකි විය.

මෙම නාමයෝජනා ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ ඉදිරියේ නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඉදිරියේ අත්සන් කිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස