පොළොන්නරුවේ වැඩිම මනාප ගන්නේ ශ්‍රීලනිපෙ මෛත්‍රී! රොෂාන් රණසිංහ හොඳටම බයවෙලා! – දයාසිරි

February 26, 2020 at 10:35 pm | by emanisa.lk

ශ්‍රීලනිපය විනාශ වූයේ නම් විනාශ වූයේ එජාපයට එකතු වූ නිසා බවත් නැවත කිසිදා ශ්‍රීලනිපය එජාපයට එකතු නොවන බවත් ශ්‍රීලනිප ජාතික සංවිධායක දයාසිරි ජයසේකර පවසයි.

එජාපය සමග එකතු වීම ශ්‍රීලනිපය කළ ඓතිහාසික වරදක් බවත් එය නැවත කිසිදා සිදු නොවන බවත් ඔහු අවධාරණය කළේය.

පොළොන්නරුවේ ඇතැම් මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේනට එරෙහි වන්නේ හිටපු ජනාධිපතිවරයා එළඹෙන මහා මැතිවරණයේ දී එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීම පිළිබඳ භීතියට පත්වී බවද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස