මෛත්‍රීට ගමේ මරණාධාර සමිතියේ සභාපතිගේ බලයවත් නෑ! – රොෂාන්

February 24, 2020 at 4:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පත්කළත් එම තනතුර සඳහා ගමක මරණාධාර සමිතියක සභාපති තනතුරට පවතින බලතලවත් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ පවසයි.

ඊයේ (23දා) වැලිකන්දේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම අදාළ සභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස