පොහොර හිඟයෙන් කූඨ වෙළෙන්දන්ගේ කල්ලමරේ! රු. දහසේ පොහොර මිටිය රු. 1200කට කළුකඩෙි විකුණති!

April 30, 2020 at 1:58 pm | by emanisa.lk

රටපුරා පවතින පොහොර හිඟය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.

දඹුල්ල බස් නැවතුම්පළ පිටුපස පොහොර අලෙවි කරන පෞද්ගලික ආයතනයක අද (30 ) අලුයම යුරියා පොහොර මිටියක් රු. 1200  බැගින් අලෙවි කළ බවත් එම යූරියා පොහොර මිටියක වෙළඳපළේ මිල රු. 1000ක් ලෙස ප්‍රදර්ශනය කර තිබියදීත් නීතිගත කර තිබියදී මෙසේ අලෙවි කරන බව ගොවීන් කියති.

කඩින් කඩ ඉතා රහසේ මෙම පොහොර තොග ගොවීන්ට අලෙවි කරමින් ව්‍යාපාරික ස්ථානය වසා ඔවුන් වෙනත් ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටින බවද එහිදී අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස