සොරකම් කරන ලද කුරුඳු තොගයක් මිලදීගත් බව කියන පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණි පොලිසිය විසින් ඔහු නිවසේ නොමැති නිසා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයාව රැගෙන යාමේ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම 14 හැවිරිදි දරුවාව පොලිස් භාරයට ගන්නා ආකාරය දැක්වෙන CCTV දර්ශන දෙරණ මාධ්‍ය ආයතනය විසින් විකාශය කර තිබුණේ පහත ආකාරයෙනි.