ගුරුවරයෙක් සිසුන් 18 දෙනෙකුට ඉස්පිරිතාලේ යන්න ගහලා!

March 14, 2019 at 5:40 pm | by admin

පාසලේ ලබා දුන් ක්‍රියාකාරකම් නොකළේ යැයි ගුරුවරයකු සිසුන් පිරිසකට පහර දී ඒ අතරින් 18 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් පස් දෙනෙකු අද (14) හවස රෝහලෙන් පිටව ගොස් ඇති අතර සෙසු පිරිස තවමත් ප්‍රතිකාර ලබති.

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගුරුවරයා මේ මස (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් එම්.එම්.රිස්වාන් නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස