මාස තුනක වැටුප් අරගලයෙන් ලැබුණේ රු. විස්සයි!

January 28, 2019 at 3:42 pm | by admin

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

අදාළ ගිවිසුම අද (28දා) රහසිගතව අත්සන් කර තිබෙන බවත්, එම ගිවිසුම කිසිසේත් නොපිළිගන්නා බවත් එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා පවසයි.

මේ නිසා වතු මූලික කර ගනිමින් හෙට සිට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, පෙබරවාරි 04 වැනිදා වතුවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත් පැවසූ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා, එදින (04දා) සිට වතු ආශ්‍රිතව අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව ද අවධාරණය කළේ

වතුකම්කරු වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස ඉල්ලා අද (28දා) වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාල ඉදිරිපිටදී පැවැති විරෝධතා ව්‍යාපාරය අතරතුරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස