පොදුජන පෙරමුණ ශ්‍රීලනිපය සමග සන්ධානගතවීමට එකඟ වුණේ නෑ! ශ්‍රීලනිප කොන්දේසීවලට එකඟවෙන්න අපි සූදානම් නෑ!

July 5, 2019 at 11:00 pm | by emanisa.lk

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ අවධාරණය කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන නමුත් සන්ධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමිණ නොමැති බව හෙතෙම සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සන්ධානයකට එකඟවීමට පොදුජන පෙරමුණ සූදානම් නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස