පුංචි කාර් දෙන්න පැමිණි ආණ්ඩුව යටතේ ජනතාව අනාථයි! ජීවත් වෙන්න විදිහක් නැතැයි පවුල පිටින් දුම්රියට පනී!

June 14, 2019 at 10:19 pm | by emanisa.lk

කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී මවක් හා පිරිමි දරුවන් දෙදෙනෙකු කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (14) මියගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි ජෙනට් දර්ශනී රාමයියා නැමැති 32 හැවිරිදි දෙසළ ජාතික කාන්තාවක් හා අවුරුදු 11 සහ 12 වයස් වල පසුවන පිරිමි දරු දෙදෙනෙකි.

මියගිය කාන්තාවගේ අත්බෑගයේ තිබී දෙමළ භාෂාවෙන් ලියන ලද ලිපියක් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට හමුවී ඇති අතර ජීවත් වීමට මුදල් නොමැති බැවින් දරු දෙදෙනා සමඟ සියදිවි නසා ගන්නා බවට එම ලිපියේ සඳහන් ව තිබූ බව කොල්ලුපිටිය පොලිසිය පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස