‘පැණි පොකුරක්’ ගැන බණ කී විපක්ෂයෙන් ‘සජිත් පොකුරක්’! නිරෝධායන නීති අමු අමුවේ කඩමින් තැන තැන ජනහමු!

December 23, 2020 at 4:41 pm | by emanisa.lk

සමගි ජනබලවේගය නිරෝධායන නීති නොතකමින් ජනහමු පැවැත්වීම විපක්ෂයට හිතවත් ඇතැම් කණ්ඩායම්වල දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

නිරෝධායන නීති නොතකා ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසට ජනතාව රැස්වීම පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කළ විපක්ෂ ද එලෙස හැසිරීමට මෙම විවේචනවලට හේතු වී ඇත.

ඊයේ (22) යක්කලමුල්ල ප්‍රදේශයේ පැවැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ “ගමින් ගමට දොරින් දොරට” වැඩසටහන තුළ නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කර ජනතාව රැස්කර තිබිණි.

සුනන්ද දේශප්‍රිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සමාජ දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්න කර මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙස ඉල්ලා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස