පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රු. මිලියන 05ක්! යහපාලන ජනපති මෛත්‍රීට දුන් එම මුදල අතුරුදන්!

June 27, 2020 at 11:01 am | by emanisa.lk

පාස්කු ඉරු දින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 05ක මුදලින් වින්දිතයන්ට මෙතෙක් කිසිදු දායකත්වයක් ලබා දී නොමැති බව පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙරේදා (25) අනාවරණය වී ඇත.

කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති උත්සවයක දී අදාළ මුදල එවකට ජනාධිපතිවරයාව සිටි මෛත‍්‍රිපාල සිරිසේනට ලබා දී ඇතැයි ද කොමිසමේ දී හෙළිවිය.

අගරදගුරු පදවියේ සමාජ සුභසාධන ආයතනයක් වන “සෙත්සරණ” ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙම කරුණු අනාවරණය කළේය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (25) පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේ සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස