පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර පොසොන් පෝය රාජකීය උත්සවයක් කරලා වැඩක් නෑ! – ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි

June 22, 2019 at 9:59 pm | by emanisa.lk

මේ රටේ ගහට කොළට සතා සීපාවාට පමණක් නොව සමස්ත රටටම ආණ්ඩුව වගකිව යුතු බවත් අහිංසක පුරවැසියන් ඝාතනය වෙද්දී ආණ්ඩුවට නොදුටුවා සේ සිටිය හැකි නම් එය තමන්ගේ වගකීමක් සේ නොසලකයි නම් එහි තේරුම මේ රටේ ආණ්ඩුවක් නොමැති බව යැයි ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි පවසයි.

පොසොන් උත්සවය රාජකීය උත්සවයක් කරන්නේ නම් එයට රාජකීයත්වය ලබා දෙන්නේ නම් අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කොට සිටිය යුතු බවත් එම ජීවිතවලට වටිනාකම් නොදී පොසොන් උත්සවය රාජකීය උත්සවයක් කිරීමෙන් පලක් නැතැයි එහිමියන් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස