පාර්ලිමේන්තු මැති ඇමති 4ක් මදූෂ්ගේ අතිජාත ගජයෝ!

February 9, 2019 at 3:27 am | by admin

කුප්‍රකට පාතාල නායකයකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් සමඟ අමාත්‍යවරුන් තිදෙනකු, හිටපු ඇමැතිවරයකු සහ ඔහුගේ පුත්‍රයකු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු පාතාල මර්දන ඒකකයන් වෙත ලැබී තිබේ.

මීට වසර කිහිපයකට ඉහතදී මාකඳුරේ මධුෂ්, හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට පවා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබූ බවද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී ඇත.

එසේම ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් තරග වැදුණු මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකුගේ ආධාරකරුවන් දෙදෙනකු වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු අතර එම ආධාරකරුවන් දෙදෙනා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ප්‍රබල ඇමැතිවරයකු වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණේ මධූෂ්ගේ මැදිහත් වීම අනුව බව ද වාර්තා විය.

මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස