පාක්ෂිකයෝ පාරට බස්සලා කොවිඩ් පතුරුවන්න හදන පක්ෂවලට කවදාවත් ඒ ශාපයෙන් මිදෙන්න බෑ….! – ජොන්ස්ටන්…

July 12, 2021 at 7:52 am | by emanisa.lk

මේ මොහොතේ උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවලට එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වනු ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ උද්ඝෝෂණය කිරීමට කල්පනා නොකරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

“අපට පහරදෙනවා අපි චීනෙත් එක්ක වැඩ කරනවා කියලා. නෑ, අපි චීනෙත් එක්කත් වැඩකරනවා, ජපානය එක්කත් වැඩ කරනවා, බ්‍රිතාන්‍ය එක්කත් වැඩ කරනවා. ඒවගේම මේ රටේ ව්‍යාපෘති, ආයෝජකයො ගත්තා ම ලෝකයේ විවිධ රටවලින් අපේ රටේ ආයෝජනය කරනවා. මේ චීන රට විතරක් අල්ලාගෙන අපට පහරදෙන්නෙ මේ ව්‍යාපෘති නතර කරන්න. ඒක තමයි ඇත්ත.

අපි දන්නවා විවිධ බාධක ඇති කරන්න හදනවා. අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ. මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි, මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා. ඒ ශාපයෙන් ඒ දේශපාලන පක්ෂවලට කවදාවත් ගොඩ එන්න හම්බෙන්නෙ නෑ කියන එක ඉතාමත්ම ආදරයෙන් මං මේ වෙලාවෙදි මතක් කරනවා.”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ නවීන තාක්ෂණය අනුව ඉදිකළ නව කැලණි පාලමේ දෙපස එකතු කිරීමේ උත්සව අවස්ථාවට (10) එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස