තහනම නොතකා උද්ඝෝෂණ කළ පෙරටුගාමීන් 05ක් අත්අඩංගුවට…!

July 7, 2021 at 1:39 pm | by emanisa.lk

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ චෝදනා මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට බගෙන තිිිිිිිිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව ද එම පස්දෙනා අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

කොම්පඤ්ඤවීදිය, රාමනායක මාවතේ පැවැති විරෝධතාවක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ උද්ඝෝෂණයක් සම්බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු පරිසක් ද අද (07) පෙරවරු‍වේ අත්අඩංගුවට ගැනිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *