නිරෝධායනයට එරෙහිව අදත් කටුනායක විරෝධතා! ගෙදර ගිහින් තනියම නිරෝධායනය කරගන්නම්ලු!

March 11, 2020 at 1:30 pm | by emanisa.lk

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබේ.

මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිති.

ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස