පළාත් සභා ඉල්ලා පොහොට්ටුවේ දෙවෙනි පෙළ සටනට! සරත් වීරසේකරට එරෙහිව යෝජනාවක් සම්මතයි! මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා බලය පෙන්වයි!

September 3, 2020 at 10:36 pm | by emanisa.lk

පළාත් සභා අහෝසි කිරීම පිළිබඳ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

එවැනි පසුබිමක රාජ්‍ය ඇමති සරත් වීරසේකර පළාත් සභා සුදු අලියකු බවත් ඒවා අහෝසි කළ යුතු බවත් පැවසීම තමන් හෙළා දකින බවත් ඒ සඳහා යෝජනාවක් සම්මත කරගත් බවත් සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න පවසයි.

පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාව ආණ්ඩුවේ ශක්තිමත්භාවය බිඳ දැමීමට ගෙන ආ කුමන්ත්‍රණයක් ලෙස තමන් සලකන බව ද හෙතෙම සඳහන් කළේය.

එවැනි කුමන්ත්‍රණ සඳහා තමන් ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මේ අතර උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් කියා සිටියේ පළාත් සභා අහෝසි කළහොත් ව්‍යවස්ථා සංශෝධනයේ දී ඊට එහා ගිය බලයක් ඉල්ලා සිටිය හැකි බවත් එහෙයින් 20 වැනි සංශෝධනයට පෙර ම පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස